">

එහෙත් මේ කිසිවක් නොදත් , සෑහෙන කාලයක් රවිඳු හා ඇලඩින් සමඟ මේ කාමරයේ රහසේ දිවි ගෙවූ අසරණ සත්ත්වයා හුදෙකලාව මහා සයුර මතින් තමාගේ මවු රට බලා පියාසලනවා ඇත. විඩාබර වූ කල්හි, කුසගිනි දැනුණ විටදී තවත් රටක, කඳු මුදුනක ලැගුම් ගැනීමට පැංචාට සිදු වනවා ඇත. නැවත නැවතත් බොහෝ කාලයක් තිස්සේ මේ ගමන යාමට පැංචාට සිදු වේ. මවගේත් ස්වකීය වර්ගයාගේත් උණුසුම සොයා ඒ ගමන ධෛර්යවන්තව යා යුතුමය.

Facebooktwitterredditpinterestlinkedintumblr

Related Quotes

popup close button