">

දෙව්ලොව මෙන් අසිරිමත් එවැනි පරිසරයක සිටින ඕනෑම කෙනකේ එම සුන්දරත්වයෙන් වශී නොවුණහොත් එය පුදුමයකි. සුද පාට හිම කැරලි තුරු මුදුන් වසාගෙනය. ජිවිතයේ පළමු වරට හිම දුටු රවිඳුට තමා කොහි සිටිත්දැයි පවා අමතක විය. හුදෙකලා බව අමතක විය. ගුහා වලට යන අඩි පාර ඔහුට අරාධනා කරන්නාක් මෙනි. කුතුහලයෙන් මඩනා ලද දරුවා කෙළින්ම ගමන් කරන්නට විය. ගලින් ගලට පැන පැන යන ගමන සෙල්ලම් ගමනක් විය. ගුහා බිත්තය පෙඳ පාසි වලින් වැසී තිබුණි. ඒ අතරින් පතර දිස් වූයේ ඈත යුගයක මිනිසුන් විසින් අඳින ලද සිත්තම් පෙළකි. ඒවා නොනැසී මේ මහා වනය තුළ හුදෙකලාවම රැකී තිබුණි.

Facebooktwitterredditpinterestlinkedintumblr

Related Quotes

popup close button